Friday, April 26, 2013

යාළුවා...


පි ගොඩක් තනියෙන් ඉන්න වෙලාවට හොදම හොද යාළුවෙක් හිටියනම් කියලා හිතෙනවා නේද..?එතකොට අපේ හිතේ තියෙන ප‍්‍රශ්න වලින් කොටසක් හරි කියලා හිත සැහැල්ලු කරගන්න තිබුනා.කොහොමද හොද යාළුවෙක් තෝරගන්නේ...හිතලා බලන්න...

එයා මගේ සතුටෙදි ගොඩක් මගේ ලඟ ඉන්නවා..ඒයා මං කියන හැමදේම හොදයි කියලා පිලිගන්නවා..අන්න ඒයා තමයි මගේ හොදම යාළුවා කියලා හිතන කී දෙනෙක් අද සමාජයේ ඉන්නවාද...?යාළුවේ ඔයාට වැරදිලා..යාළුවෙක් කියන්නේ අපිට සතුටෙදි විතරක් ලඟ ඉන්න ඕනේ අය නෙමෙයි..අපිට කරදරයක් උනාමත් අපිට හයියක් වෙලා අපිට වැරදුන තැන් පෙන්නලා දෙන්න පුළුවන් කෙනෙකුටයි..
නුතන සමාජ රටාවට බද්ද වෙච්ච තාරුණ්‍යක හොදම හොද යාළුවෙක් හොයාගන්න බැරි තරම්...මොකද පවතින සමාජ රටාවේ හැමෝම රේස් දුවනවා..ඒ අය අතරේ මොහොතකට හරි නැවතිලා ඔයා ගැන හොයලා බලන කෙනෙක් ඉන්නවානම් ගොඩක් වටිනවා.මුලින්ම තමන්ගේ දෙමව්පියෝ හොද යාළුවෝ කරගන්න, ඊටපස්සේ සමාජයෙන් තමන්ට ගැලපෙන යාළුවෙක් තොරගන්න..නමුත් ඔයා තෝරගන්න යාළුවා වැරදි කෙනෙක් නම් ඔයාගේ මුළු ජීවිතේම විනාශ වෙයි..යාළුකමට ලිංගබේදයක් නෑ..
ඔයාට හොද යාළුවෙක් ඕනේ...,,මොන ප‍්‍රශ්න ආවත් ඔයාව අත් නොහරින කෙනෙක්... එයාව හොදට හිතලා බලලා තෝරගන්න...
හොද යාළුවෙක් හමුවෙන්න කියලා සිතුවිල්ලෙන් ප‍්‍රාර්ථනා කරනවා......

Thursday, April 18, 2013

පුංචි කාලේ...




ඉර හවසට බැහැගෙන යනකොට කොච්චර සුන්දරද...ඒ ලස්සන දකින්න අපි පොඩි කාලේ ඉදන් ගොඩක් ආසකරනවා.ඒ වගේ තමයි පොඩි කාලේ අපි ගොඩක් ආස දෙවල් දැන් මතක් වෙද්දි පුංච් සතුටක් තියෙනවා වගේම පොඩි දුකකුත් තියෙනවා...සතුට තමයි අපිට සුන්දර පුංචි කාලයක් තිබුනයි කියලා හිතන ගමන් දුක් වෙන්නේ ඒ සෙල්ලක්කාර ළමා විය අපෙන් ඈත් වෙලා කියන එකයි.
සමහර දේවල් තියෙනවා අපිට වෙනස් කරන්න බෑ..හරියට අපි වයසට යනවා වගේ...අපි දන්න පුංචි කාලෙට වඩා දැන් ළමයිගේ පුංච් කාලය වෙනස් උනත් ඒ අයත් ඒක විඳිනවා..සමාජයෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා..හොද හෝ නරක..වයසත් එක්ක ඒ දෙවල් අපිට හොදින් තේරුම් ගන්න පුළුවන් වෙනවා..
දැන් වයසයි කියලා ඔයා දුක්වෙන්න එපා.කවදහරි දවසක් ඒවී ඔයා විඳපු දේවල්, ඔයා පුංචි කාලේ කල දේවල් මතක් කරන්න.මතක් කරලා ඔයාගේම පුතාටයි දුවටයි කියන්න ඒ අයත් එක්ක ඔයාගේ පුංචි කාලය බෙදාගන්න...එතකොට ඔයාටම තේරෙයි ඔයාගේ පුංචි කාලය කොච්චර සුන්දරද කියලා.......

විශ්වාසය...



ඔයා මගේ කියලා හැගෙන්නේ ඔයා ගැන මගේ හිතේ හැඟීමක් තියෙන නිසා.ඒ හැඟීම තමයි ඔයයි මායි අතර විශ්වාසයේ පාළම තනන්නේ..විශ්වාසය තමයි  ඕනෙම බැඳීමක පදනම.කවදාවත් ඒ පදනම නැතිකරගන්න එපා..
එකිනෙකා අතර විශ්වාසය ගොඩනැගෙන්නේ ඒ අය කරන කියන දේවල් අනුව.

ඔයා මට කොතරම් ආදරය කරත් එක් මොහොතකදි ඔයා මගේ විශ්වාසය කඩ කරොත් ඒ වේදනාව,සැකය සදාකාලිකව මගේ හදවතේ පැල පදියම් වෙනවා නිසැකයි..අපි අතර බැඳීම සමාජ වටපිටාවෙන් ඔබ්බට ගිය බැඳීමක් කියලා අපි දෙන්නම තේරුම් ගත යුතුයි.ඔයා මට පණ වගේ ආදරේ තමයි,මම ඒක හොදාකාරවම දන්නවා..ඒක නිසා ඔයාගෙයි මගේයි අතර තියෙන විශ්වාසයට නැවතීමේ තිත අවශ්‍ය වෙන්නෑ..නැත්තන් ඒ ආදරයම අපිට වෛරයක් වෙයි..
ආදරයේදී කරන කැප කිරීම් බොහොයි.මොහොතක් කල්පනා කරානම් කැප කරන මට්ටමින්ම මං ඔයාගේ විශ්වාසයත් රකිනවා කියලා.., එහෙනම් අපේ ආදරය රෝමියෝ ජුලියට් පේ‍්‍රම අන්දරයට වඩා ගොඩක් වටීවි,වටිනාකමක් තියෙවි...
"ආදරය කරන්න විශ්වාසය හදවතින්ම ඉටු කරගෙන..එතකොට දික්කසාද පත්තර  ඕනැ වෙන්නෑ අපේ ජීවිත වලට...."

Tuesday, April 16, 2013

ආදරය....



"නුඹ දුන්නු දුක් ගින්දර තාමත් මගේ හදවතේ රත්තරන්...අපි අපෙන් වෙන් උනාට මං තාමත් ආදරේ ඔයාට විතරමයි රත්තරන්...."
මෙහෙම කියන පෙම්වතුන් සමාජයේ කොතරම් නම් ඉන්නවද..ආදරය නිසා තමන් තමන්ටම බොරුකාරයෙක් කරගෙන.ආදරය කියන්නේ එක මොහොතකින් තේරුම කියලා ඉවරකරන්න පුළුවන් දෙයක් නෙමෙයි.ලෝකයේ ඉන්න හැම සත්වයාම ආදරය ලබන්න ගොඩක් ආසයි.ඒ වගේම ආදරය කරන්නත් ආසයි.ආදරය සමාජ පන්ති වෙනස් උනයි කියලා වෙනස් වෙන්නෑ අඩු වැඩියෙන් හරි ආදරය තියෙනවා.ආදරයට පාටක්,ගඳක්, සුවඳක්, රහක් ,කලාවක් නෑ.නමුත් ආදරය කරන්න ඉගෙන ගන්නවා නම් ඒ පුද්ගලයා  තුල කලාකරුවෙකු ජීවත් වෙනවා. මෙහෙම පිවිතුරුයි කියලා කියන ආදරේ නැති කරගන්න එපා..
දෙමව්පියන් අපිට ආදරය කරනවා,නෑදැයෝ අපිට ආදරය කරනවා,යාළුවො ආදරය කරනවා,තව කියනවානම් සතා සිවුපාවා උනත් ආදරය කරනවා.ඒ ආදරය වෙන් වෙන් වශයෙන් අපි තේරුම් ගන්න ඕනේ.

දෙදෙනෙකු එකතු වෙලා හදන පුංචිම පුංචි මාලිගාවෙ ආරම්භය ඇති වෙන්නේ ආදරයෙන්.ආදරයේ බැදීම ශක්තිමත් වෙන්න වෙන්න දෙදෙනාගේ ජීවිත ගොඩක් යහපත් වෙනවා.ඒක නිසා ආදරය වචන වලට සීමා කරන්න එපා.ආදරය කරන්න ඔයා ලගින්ම ඉන්න  ඕනෙනෑ.හදවතේ ආදරය තියාගන්න.ඔයා කවදහරි දවසක වෙන් වුනත් ඒ ආදරය තියෙවි...ආදරයක් නැත්තම් ලොකේ මෙහෙම පවතින්නෙ නෑ..
මුලින් තමන් තමන්ට ආදරය කරන්න.ඒක විඳින්න..ඒතකොට අනිත් අයගේ ආදරය ගැන හොදින් ඔයා තේරුම් ගනීවි...
අපිට ආදරය අවශ්‍යමයි..ආදරය විඳින්න..ඒ ආදරයට ආදරය කරන්න...එවිට ඔයා ජීවත් වෙනවා කියලා සිතේවී...

සිතුවිල්ල...



සංසාර තරණයේ එක් මොහොතක සිතුවිලි ගොන්නක් එක් වි බැඳුනු අරුමය සිතුවිල්ලයි.....