Saturday, February 1, 2014

ආගමයි... මොඩකමයි...

බෞද්ධ දර්ශණය තුල සහ අනෙකුත් ආගම් වල නායකයින් කිසිලෙසත් සදහන් කර නොමැති අමුලික මුලාවක සමාජය පරිවර්ථනය වෙමින් යන කාලයක මං මේ අදහස් සමුදාය තොරගත්තා ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට....
අද පවතින ඒකාකාරි සමාජ රටාව තුල මිනිසුන් බොහෝමත්ම ඉක්මනින් තමතමන්ගේ පැවතගෙන එන සිරිත් විරිත් අදහන ආගම් රටාව වැනි දෑ මධ්‍ය තුලින් හො වේවා  කටින් කට එලි බසින විවිධ වු ආකාරයේ දේවල් නිසා වෙනස් කරනවා...
ඇත්තටම කියනවානම් කිසිදු අවබොධයකින් තොරව යම් කෙනෙකුගේ ඇහුන්කන් දීමකට තමන් ගෙන ගිය සියළුම ආගම් ඇදහිලි ක‍්‍රම වෙනස් කරනවා....

මෙය අපි දකින සමාජ පිරිහිමේ එක් අදියරක්.... බෞද්ධ දේශනාවේ සදහන් වන අන්දමට ආගම තුල නිවන අවබෝධ කරගැනීමේ ෂෝට් කට් ක‍්‍රම නැත...නමුත් අද මෙම ෂෝට් කට් ක‍්‍රම හොයාගෙන මුලාවක පැටලිලා ඉන්න දහස් ගනන් බෞද්ධ ජනතාව ඔවුනුත් පව් පුරෝගනිමින් අන් අයටද එ සදහා උල්පන්දම් දෙමින් තිබෙන සමාජ කාල වකවානුවක හරි දෙය කුමක් දැයි පැවසීමට පුළුවන් අනුගාමිකයන් වහන්සේලා අල්ප තරම්ය... නමුත් සමාජය තුලට නිවැරදි දැක්ම  සම්මා දිඨ්ටිය රැුගෙන යා යුතුය..මුදලට පාවාදෙන ආර්ථිකයක් තුල මේ දෙය සිදු කිරිමට අපහසුය..නමුත් සමාජයේ ජීවත් වන තරුණ පරපුරට ඇති යුතුකම වන්නේ මොවුන් එල්බගෙන සිටින මතයන් සමාජයෙන් ඉවත් කිරිමට කටයුතු කිරිමයි...
උදාහරණයක් ලෙස කාලයක් අපේ මිනිසුන් දොළුකන්දේ ගියා...ප‍්‍රතිඵල තිබුනද...නෑ.... සමාජයම මුලාවක පැටලිලා එකා පිටුපස එකා ගියා...සමහර පුද්ගලයන් අසනීප වලට පවා භාජනය වුනා....මුලින් ආගම තුලින් ඇත්තටම පවසන දේ ගැන අවබෝධ කරගන්න..පසුව එය තාර්කිකව සිතන්න...ආගම බොරු කිරිමට යාම තුල ඇතිකරන්නගේ පාපයක්...නමුත් ඒ තුල ඔබ  වෙන අයෙකු  අමාරුවේ දැමිම ඊටත් වඩා පාපයක්ය....
මෙසේ එකා පිටුපස එකා අරමුණක් නැතිව විවිධ ආගම් රටා වලට පැටලීමෙන් ඇති වන්නේ ආගම පරිහානියට පත්වීමක් මිස එයින් ගොඩ ඒමක් නොවෙයි...බුද්ධ දේශනාවෙ සදහන් වන පරිදි යම් දවසක බෞද්ධාගම විනාශ වන්නේ ඒ තුලම සිටින පුද්ගලයන් නිසාම මිස වෙන පිටස්තර ආගම් වලින් නොවන බවයි....මෝහයෙන් අන්ද වී සත්‍ය සොයා නොයන්න...එය ඔබ විසින් සමාජයට , තමන්ගේ ආගමට කරන හතුරු කමකි...කුමන ආගමක් වුනත් එහි හරය තේරුම් ගන්න...මුහුණු පොතේ තමා නියම බෞද්ධයෙක් කිය කියා අන් ආගම් වලට ගැරහීමෙන් නියම පාරිශුද්ධ බොද්ධයකු වන්නේ නැත...
සිතන්න....ඔබ ඇත්තටම බොද්ධයකු ලෙස සමාජයට හරි දේ තිළිණ කරනවාද කියා...අවබෝදයෙන් තමන්ගේ ආගම අදහන්න....ආගමට වටිනාකමක් දෙන්න...
අන් ආගම්වලට ගැරහීමෙන් වළකින්න....එ තුල සමාජය තව තවත් යහපත් වේවි.....

ඔබේ විවේචනයන් බලාපොරොත්තු වෙනවා...අපිට පුළුවන් වේවි හරි දෙයක් සමාජයට මේ තුලින් ගෙන යන්න....    

No comments:

Post a Comment