Friday, January 10, 2014

මිනිස්සු වෙනුවෙන්...

ඇත්තටම මින්ස්සු ගොඩක් පව් නේද....මිනිස්සුන්ගේ හිතේ කොච්චර බලා පොරොත්තු ඇතිද..ඒත් එ බලාපොරොත්තු ඉටුවෙනවා ඇත්තේ කීයෙන් කීයද....ඒ අය අසරණ වුන වෙලාවට එ අයට ඉන්නේ ඒ අය විතරමයි.මිනිස්සුන්ගේ ප‍්‍රශ්න තේරෙන්නේ මිනිස්සුන්ටම කියලා කතාවට කිව්වට..කීයෙන් කීදෙනාටද ඒ ප‍්‍රශ්න විසදන්න පුළුවන්....සමහර අය එදා වේල කන්නෙ නැතුව දුක්විදිනවා..සමහර මිනිස්සු හම්බෙන සල්ලි පොඩ්ඩ හරි ඉතුරු කරගෙන තමන්ගේ ලමයිට කන්න දෙන්වා ඒ අයවත් නොකා...ඉදිරිය ගැන ඒ අයගේ කිසිම විශ්වාසයක් නෑ...කතාවට කියනවා දුක්විදින්නම උපන් මිනිස්සු කියලා...නමුත් උපතින් මිනිසෙක් දුප්පත් හරි පෝසත් හරි වෙන්නේ නෑ..මේ ලෝකේ එලිය දකින කොට දුප්පත් කියලා දන්නවනම් එ අය ඉපදෙන්නෙත් නෑ...අපි මිනිස්සු ගැන අනුකම්පා කරන්න  ඕනේ...සමාජයේ , ආගම්වල,දුප්පත් පෝසත්,පන්ති තානාන්තර කොතරම් තිබ්බත් අපි මිනිස්සු විදිහට හැම කෙනා දෙසම සමාධියෙන් බලන්න  ඕනෑ....සල්ලි හම්බකරන්න එකෙක් පාගලා දාලා ඉස්සරහට එන කුහක සමාජ විසබීජ අපි නැති කරන්න  ඕනෑ....මොකද අපි හැමෝම හැමදාම ජීවත් වෙන්න ආපු අය නෙමෙයි...අපිටත් කවදහරි මේ ලොකේ තනිකරලා ඇදි වත විතරක් අරගෙන යන්න වෙනවා..ගොඩක් මිනිස්සු අන්න ඒක තේරුම් ගන්නෑ..අපි ඉතුරු කරන්න  ඕනේ මිනිස්සු මිසක් සල්ලි නෙමෙයි...හැම ආගමකටම ඒ දෙය පොදුයි...මිනිස්සු මිනිස්සු වෙනුවෙන් ජීවත් වෙන්න  ඕනෑ..එතකොට තමයි රටක් හැටියට ලෝකයක් හැටියට අපි මනසින් දියුණුයි කියන්නේ...
අද ඉදන් අපි ජීවත් වෙමු මිනිස්සු වෙනුවෙන් ඒ අයගේ හීන වෙනුවෙන්.... 
සිතුවිලි දැහැන...




No comments:

Post a Comment