Monday, July 8, 2013

මුහුද...

ඇත්තටම කියනවානම් මුහුද ගැන කියලා ඉවරකරන්න බැරි මාතෘකාවක්.
අපි හැම දෙනාම ආසයි එක මොහොතක් හරි මුහුදු වෙරළේ ඉදන් ඉමක් කොනක් නොපෙනෙන මුහුද දිහා ආසාවෙන් බලන් ඉන්න.ගොඩක් වෙලාවට අපේ ළමා කාලේ,තරුණ කාලේ අපේ ජිවිත මුහුදත් එක්ක ගෙවිලා යනවා අපිට දැනෙනවා...එ වගේම ආදරෙන් ඉන්න පෙම්වතුන්ගේ  හැගීම්, මුහුදත් එක්ක අපුරු ආදර කතා දහස් ගනන් අදටත් ලියවෙනවා..
ඒ වගේම මුහුද දිහා බලන් ඉන්න අපිට නොපෙනෙන අපිට නොදැනෙන හැම කතාවක්ම මුහුද දන්නවා..අපේ ජිවිත ගෙවෙන විදිහ,අපේ සිතුම් පැතුම්  හැමදෙයක්ම දුක සතුට කියලා නැතුව මුහුද අහගෙන ඉන්නවා..කොපමණ වෙලාවක් මුහුදත් එක්ක ගෙවුනත් එය නොදැනෙන්නේ අන්න ඒ නිසයි...
ලංකා මාතාවගේ ආශීර්වාදයක් වගේ ලස්සනම ලස්සන, කියලා නිම කරන්න බැරි මුහුදක් ඒ වගේම ලස්සන වෙරලක් අපිට හිමි වෙලා තියෙනවා...
ඒ ලස්සනට ඒ පිවිතුරු කමට ආලය කරන්න..එවිට හැමදාම වගේ ඔයාගේ ඔයාට කියාගන්න බැරි හුඟක් කතා මුහුදත් එක්ක බෙදාගන්න පුළුවන්....

No comments:

Post a Comment