Tuesday, May 14, 2013

වෙනස….


අපි වෙනස වෙනසක් කියලා දකින්නේ ඇයි..අපි හැමෝම කැමති එකම විදියට ඉන්නෙ නැතුව වෙනසක් ඇති කරගන්න අපේ ජීවිත වල..සරල ජීවිතය ගොඩක් සුන්දරයි කියලා සමහර අය තර්ක කරන ගමන් තව සමහරු සංකීර්ණ වෙන තරමට ජීවිතේ අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් කියලා කියනවා..මත දෙකක් තමයි නමුත් එක එක්කෙනා ජීවිතය දකින විදිහ නිසා මේ අය අතර වෙනස් කම් ඇති වෙනවා..සරලව කියනවනම් දෙගොල්ලොම ජීවිතය විඳිනවා , දකිනවා නමුත් දකින විදිහ , විඳින විදිහ වෙනස් කරගෙන…
ලෝකය හැමදාම එකම විදිහට පවතින්නෙ නෑ.., උස් පහත් මට්ටම් වල සමාජතර වල වෙනස් වීම් දකින්න ලැබෙනවා..තව කියනවානම් ස්භාවධර්මයෙත් වෙනස් වීම් වෙනවා..අපි ඒ දේවල් අත්විඳලත් තියෙනවා නේද....
ඔයා හොයන වෙනස මොනවගේද කියලා දන්නේ ඔයා විතරයි..ඒක තීරණය කරන්න  ඕනෙත් ඔයාමයි..වෙන අය කියු පලියට ජීවිතේ ගැන තීරණ ගන්න එපා..ඒක ඔයාට කවදාහරි ලොකු හානියක් වේවි...
පැහැදිලි මනසකින් වෙනසක් දකින්න..ඒ වෙනස ගැන ඔයාම තීරණය කරන්න..
ඒ ඔයා දැක්ක වෙනසින් යහපතක් වෙන්න කියලා අපි පතනවා..වෙනස් වෙන්න උත්සහ කරන්න.. 
මනස නිරවුල්ව වෙනස දකින්න , ඔයාටම තේරෙවි වෙනස් වන එකම දෙය වෙනස විතරක්ම කියලා......

Friday, May 3, 2013

වැස්ස...



හැම තැනම ගොඩක් හයියෙන් වහිනවා..අපි වැස්සට ගොඩක් ආසයි නේද...ඇඟට පුදුම සිසිලසක් ලැබෙනවා..ඒත් ඉතින් එක දිගටම මේ වගේ වහින කොටත් එපා වෙනවා නේද...දැන් ඉතින් වස්සාන කාලය තමයි...මේ වගේ වෙලාවක ඔයත් එක්ක තුරුළු වෙලා ඉන්න තියෙනවා නම් කියලා අනන්තවත් පෙම්වතුන් මුමුණනවා ඇති..
වැස්සත් එක්ක මොකක්දෝ ලොකු බැඳිමක් තියෙනවා නේද..ඒක හරියට ඔයත් එක්ක හිටිය සුන්දර කාලවල් මතක් කරලා දෙනවා වගේ හැඟීමක්..
කොතරම් පෙම්වතුන් වහින දවස් වල කුඬේ යටින් තුරුළුවෙලා ගිහින් ඇතිද... ?ඒ වගේම ඒ සම්බන්දතා කොතරම් දුරට තාම තියෙනවද කියලා කල්පනා කරාද...?එදා ඔයත් එක්ක තුරුළුවෙලා කුඬේ යටින් ගිය අය අද වෙන අයත් එක්ක යනවා..ජීවිතේ කොතරම් වෙනස්ද නේද...ඔයා වෙනුවෙන් මං පතන් ආවා කියලා අතරමගදිම ඔයාව දාලා ගිහිල්ලා..නමුත් වැස්ස මේ කිසිම දෙයක් දන්නෑ...ඔයාට එදා කුඩෙන් තුරුළුවෙලා යන්න උදව් කරා වගේම අද ඔහුටත් උදව් කරනවා....
මේ වගේ අපුරු දෙයක් තමයි සොබාදහම අපිට දීලා තියෙන්නේ...වැස්සට අපි පොඩිකාලේ ඉදන් ගොඩක් ආදරෙයි..ඔයා කොලයක් අරගෙන මුලින්ම කර අත්වැඬේ  පුංචිම පුංචි බෝට්ටුවක් හදපු එක නේද...ගේ ඉස්සරහට වෙලා වැස්ස ගැන ගානක් නැතුව බොට්ටු පා කරා ඔයාට මතකද...?
වැස්ස අපේ ජීවිතෙත් එක්ක ගොඩක් බැදිලා තියෙන සම්පතක්..ඒක නිසා වැස්ස වැඩී කියලනම් බනින්න එපා....

Wednesday, May 1, 2013

මැයි 1 වෙනිදා....



“1973 මැයි 1 වෙනිදා එන්ගලන්තයේ මිලියන 1.6ක් පමණ කම්කරුවන් පිරිසක් එකතුවෙලා පටන් ගත්ත එක් දින වැඩ වැරීමේ සිදුවීමෙන් දහස් ගනන් කම්කරුවන් ජාතියට අහිමි විය.එවකට සිටි බි‍්‍රතාන්‍ය ආණුඩුව විසින් වැඩ වැරිමේ සහ පෙල පාලි වලට සහභාගි වු කම්කරුවන් විශාල පිරිසක් සමුල ඝාතනය කරන ලදී..තවද ඇතැම් පිරිස්  අත්අඩන්ගුවට ගන්නා ලද අතර එයින් කොටසක්  එල්ලා මරණ ලදී...
මෙම එක් දින වැඩ වැරීමේ ක‍්‍රියාවලිය හේතුවෙන් එරට තුල දුම්රිය,කර්මාන්තශාලාවන් වල විශාල වශයෙන් කාර්යයන් අතරමග නවතා දැමූ අතර එමගින් සිදුවු පාඩුව සුළුපටු නොවේ..
ඔවුන් සිහිකර අද සමරන මැයි දිනය කොතරම් දුරට ලේ දහදිය වැගිරු ඔවුන්ට සාධාරණයක් ඉටු කරයිද?..ධනේශවර පන්ති වල අතකොලු වෙලා ඔවුන්ගේ පීඩන වලට ලක්වෙලා අපි සමරන මැයි දිනයේ තේරුමක් ඇතිද?..එක එක දේශපාලන රූකඩ වල බළල් අත් වෙලා යන්නන් වාලේ පෙලපාලි යන ඇතැම් අය අද දවසේ වැදගත්කමවත් හෝ එහි ඉතිහාසයවත් දන්නේද යන්න සැකයක්ව පවතී..ලිප්ටන් වට රවුමට එකතුවෙලා ඔබ කෑගහන්නේ බත් පැකැට්ටුවටයි රුපියල් 500ටයි කියලා හිතලා බැලුවද...පවතින සමාජ රටාවට මුදල් වැදගත් වනවා.., නමුත් තමන්ට කියලා අභිමානයක් හිත තුල තියෙනවා..තමන් නිකන් ඉදලා කනවා බොනවා නෙමෙයි..තමන් ලබාදෙන ශ‍්‍රමයටයි මුදල් ලැබෙන්නේ..අද රටවල් තුල සමාජවාදයක් නෑ.., ඒවායේ බෝඩ් විතරයි තියෙන්නේ එම බෝඩ් පිටුපස සිටින්නේ ධනේශවර අතකොලු...නුවණින් කල්පනා කරන්න ඔයත් සමාජයට සේවයක් කරනවා ඒ වෙනුවෙනුයි ඔයාට වැටුප් ලැබිය යුත්තේ..
අද තියෙන ආයතන වල කම්කරු සමිති කීයෙන් කීයද කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ..කම්කරු නායකයන් අයිතිකරුවන්ට ගොට්ට අල්ලනවා මිසක් කම්කරුවන් වෙනුවෙන් ඉන්නේ කවුද...
හිතලා බලන්න මැයි දිනය එක් දවසකට සීමා වෙන්න ඔනේ නෑ..ඔයාට තියෙනවා යන්ත‍්‍ර වලට, තාක්ශණයට නැති වටිනා සම්පතක්., ඒ ඔයාගේ වටිනා ශ‍්‍රමය..එයින් ප‍්‍රයෝජන ගන්න..ලොක්කන්ගේ කකුල් ලෙවකන්න ඔනේ නෑ..ගිරිය කඩාගෙන කෑගහලා දේශපාලුවන්ගේ නියාය පත‍්‍රවලට කොටුවෙලා පෙලපාලි ගියාට කම්කරු දිනයට වටිනාකමක් එක්වෙන්නෑ...
ක‍්‍රියාවෙන් , හැකියාවෙන් පෙන්වන්න..එයට ගෙවීමක් ලබා ගන්න, නොලැබුනොත් ඒ වෙනුවෙන් ඉල්ලීම් කරන්න.., ඉල්ලීම් දිනාගන්න.ඒ වෙනුවෙන් රණ්ඩු කරන්න ඕනේ නෑ... මොලේන් වැඩගන්න...
ඔබේ ශ‍්‍රමයට වටිනාකමක් ලබාදෙන්න.....