Sunday, January 19, 2014

දේශපාලනය...

දේශපාලනය කියන මාතෘකාව වර්ථමානයේ කතා කරන කාලීන මාතෘකාවක් නිසා මමත් ඒ ගැන කතා කරන්න ඕනේ කියලා හිතුනා... හැබැයි මේ දිහා පක්‍ෂ පාට කණ්නාඩි දාගෙන විතරක් බලන්න එපා... 
ඇත්තටම ඇයි අපි යම් කිසි පුද්ගලයකුට , යම් පක්‍ෂයකට ඡන්දෙ දෙන්නේ....අපි එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද...? අපි බලාපොරොත්තු වෙන්නේ අපි පත්කරන පුද්ගලයා රටක් විදිහට හරි ගමක් විදිහට හරි , වෙන්න ඕනේ යුතුකම් ගමට හරි , රටට හරි ඒ ඒ පුද්ගලයා විසින් ඉටු කරාවි කියන එක.. ඔයා ඇත්තටම කල්පනා කරලා බැලුවද ඒවායින් ඉටුවෙන්නේ..., ඉටුකරන්නේ කීයෙන් කීයද කියලා... අසරණ මිනිසුන්ගේ වටිනා ඡන්දය ලබාගෙන ගමට , රටට වැඩක් කරන්නේ කීයෙන් කීදෙනාද..? 
අපි පොඩ්ඩක් හොයලා බැලුවද ඔහුට හෝ ඇයට දේශපාලනය පිළිබද තියෙන දැනුම, අධ්‍යපනය, ඒ සමාජ වටපිටාව...අඩු තරමින් සාමාන්‍ය අධ්‍යපන මට්ටමවත්...අපි දන්න දෙයක් තමයි අට වත් පාස් නැති දේශපාලන සුනකයන් තමයි අද දේශපාලනය වටේ රොක් වෙන්නේ... මොකද අද දේශපාලනය ලාබ උපයන ව්‍යාපාරයක් වෙලා... අද තියෙන දේශපාලනය බඩජහරි දේශපාලනයක් කියලා කිව්වොත් මං ඒකෙ වැරැද්දක් දකින් නෑ... විවෘත ආර්ථිකයෙන් පස්සේ රටේ දේශපාලනයෙත් වල් බිහිවුනා...සටන් පාඨ වලට කිසිම හැගීමක් දැනෙන් නෑ....නිකන් කාඩ් බෝඩ් ලැලි වල තින්ත ගාපු සුකුරුත්තන් විතරයි...එකෙක් අනෙකාගේ අඩුපාඩු හොය හොයා ඇවිදගෙන යන දේශපාලනයක් අද රටේ තියෙන්නේ...අණ්ඩුව හෝ වේවා විපක්‍ෂයන් හෝ වේවා මේ දෙකේම දුවන්නෙ එකම පටිය...අහිංසක ජනතාවගේ පැතුම් ඔහේ මළගම් යනවා...
දැන් කතාබහට ලක් කරන ප‍්‍රදානම දෙය තමයි නළු නිලියනුත් දේශපාලනීකරණය වෙලා කියන එක...ඇත්තටම මම ඒකේ කිසිම වැරැද්දක් දකින් නෑ..මොකද රටේ හැම මනුස්සයකුටම අයිතිය තියෙනවා තමන් කැමති දේශපාලන පක්‍ෂයකට ඡන්දය දෙන්න...,කැමති පක්‍ෂයකින් ඡන්දය ඉල්ලන්න..ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටක සිටින සෑම මිනිසෙකුටම තියෙන අයිතියක්..නමුත් දේශපාලනය කියන්නෙ රංගනයක් නෙමෙයි..,දේශපාලකයන් වේදිකාවල් උඩ රැගුවට... ඡන්දය හිමි ඔයා තිරණය කරන්න ඕනේ දේශපාලන දැනුමක් තියෙන..අඩුතරමින් දේශපාලනය කියන වචන වලවත් තේරුමක් දන්න පුද්ගලයන් පත්කරන්න...
අද දේශපාලකයින් ගමකට පත්වෙන්නේ මොනවා බලාගෙනද...තමන්ට ලැබෙන කොමිස් කුට්ටි , ටෙන්ඩර් ආදිය බලාගෙන...අවුරුදු දෙකක් තිස්සේ ගම කාලා ඊලග පාරත් ඡන්දය ඉල්ලනවා...
දැන් වෙලාව හරි දැනුමක් තියන ඔයාට තීරණයක් ගන්න..., පත්කරන පුද්ගලයා ඇත්තටම ගමට වැඩක් කරන පුද්ගලයකු , අධ්‍යපනයක් ඇති පුද්ගලයකු පත්කරන්න...නැත්නම් මේ ගම.., මේ රට..., ලස්සනට ඉතිරිවෙන්නේ තව බොහොම පොඩි කාලයයි...ඡන්දයට වටිනාකමක් දෙන්න...

හිතන්න... ඔබ වෙනුවෙන් නුපන් මතු පරපුර ගැන... රට ගැන... ගම ගැන...  නුපන් උන්ගේ අනාගතය ගැන..

ස්තුතියි...

සිතුවිලි දැහැන...

No comments:

Post a Comment