Sunday, December 29, 2013

නිර්මාණයේ වටිනාකම...

නිර්මාණයන් බිහිවෙන්නේ නිර්මාණකරුගේ දක්‍ෂකම නිසාද නැත්තන් එ නිර්මාණය කෙරෙහි සමාජය දකින විදිහ නිසාද...
හොද නිර්මාණ හා නරක නිර්මාණ කියලා වරිගීකරණය වෙන්නෙ ඔය කියන ජනතාව ඒ නිර්මාණ වලට කරන පිලිගැනීම මතද... නැත්නම් සාහිත්‍ය වේදී යැයි කියාගන්නා කාගේ හරි ලේබලයකින් ඒ නිර්මාණය ජනතාව අතරට යෑමද...
මන්හිතන්නේ නිර්මාණයේ ගුණාත්මක බාවය තීරණය වෙන්නේ නිර්මාණ කරු කෙතරම් දුරට නිර්මාණය තුලින් ජනතාව අතරට යනවද කියන එක මිසක් ඒක   ප‍්‍රඤ්‍යා ගොචර වෙනවද...නැනසට වදිනවද කියන එක නෙමෙයි...අතීතයේ මිනිසුන්  ඕවා දෙනගෙන නෙමෙයි නිර්මාණ බිහිකරේ...ඒ මිනිස්සු සමාජය අතරට ගියේ සමුහයක් මිනිසුන්ට ඒ මිනිසුන්ගේ ජීවිතවලට වඩාත් හොදින් කාවැදපු නිර්මාණ නිසයි...අද බොහෝමයක් නිර්මාණවල හරයක් නෑ. ඒක අවිවාදයෙන් පිළිගන්න  ඕනෑ.ඒවා සමාජය ප‍්‍රතික්‍ෂේප කරන්නේ මිනිසුන්ට ඒතුලින් වටිනාකමක් ආරෝපණ නොවන නිසා මිසක් නිර්මාණ බොලදද නැද්ද කියන එක මත නෙමෙයි...
සමාජයේ විද්වතුන් යැයි කියා ගන්නා අයගේ නිර්මාණ සියයට සීයයක් ජනතාව බාරගන්නවාද..සරළම කිවුවොත් පුහු මානසිකත්වය... නිර්මාණයේ වටිනාකම සමාජයට ගෙනයන්නේ මිනිසුන් විසින්.., පැහැදිලිවම මිනිසුන්ගේ පුද්ගල ජීවිතයට නිර්මාණය දක්වන දායකත්වය මත.....එහෙම නොවෙන්න අද මිල්ටන්ලාගේ සින්දු නෑ...කපුගේලාගේ සින්දු නෑ...අදටත් මිනිස්සු ඒවා අහන්නේ පරම්පරා ගණනක් ගියත් අද වගේ එවායේ පද මිනිසුන්ට කාවැදිච්ච නිසා.......සමාජයට දෙයක් නිර්මාණයක් තුලින් දෙන්න පුලුවන්.. එය ප‍්‍රතික්‍ෂේප කරනවාද නැද්ද යන්න සමස්ත ජනතාවගේ තීරණය..තීරණය ඔවුන්ටම බාරයි..නිර්මාණය දෙස නිර්මාණාත්මක ඇසින් බලන්න...ප‍්‍රායොගික වෙන්න... පුහු ආටොපයෙන් බලන්නැතුව.....එවිට තේරෙයි කොතරම් දුරට නිර්මාණයේ වටිනාකම...

වචන වල අඩුපාඩු ඇත්නම් සමාව ඉල්ලා සිටිනවා...

සිතුවිලි දැහැන...

Monday, July 8, 2013

මුහුද...

ඇත්තටම කියනවානම් මුහුද ගැන කියලා ඉවරකරන්න බැරි මාතෘකාවක්.
අපි හැම දෙනාම ආසයි එක මොහොතක් හරි මුහුදු වෙරළේ ඉදන් ඉමක් කොනක් නොපෙනෙන මුහුද දිහා ආසාවෙන් බලන් ඉන්න.ගොඩක් වෙලාවට අපේ ළමා කාලේ,තරුණ කාලේ අපේ ජිවිත මුහුදත් එක්ක ගෙවිලා යනවා අපිට දැනෙනවා...එ වගේම ආදරෙන් ඉන්න පෙම්වතුන්ගේ  හැගීම්, මුහුදත් එක්ක අපුරු ආදර කතා දහස් ගනන් අදටත් ලියවෙනවා..
ඒ වගේම මුහුද දිහා බලන් ඉන්න අපිට නොපෙනෙන අපිට නොදැනෙන හැම කතාවක්ම මුහුද දන්නවා..අපේ ජිවිත ගෙවෙන විදිහ,අපේ සිතුම් පැතුම්  හැමදෙයක්ම දුක සතුට කියලා නැතුව මුහුද අහගෙන ඉන්නවා..කොපමණ වෙලාවක් මුහුදත් එක්ක ගෙවුනත් එය නොදැනෙන්නේ අන්න ඒ නිසයි...
ලංකා මාතාවගේ ආශීර්වාදයක් වගේ ලස්සනම ලස්සන, කියලා නිම කරන්න බැරි මුහුදක් ඒ වගේම ලස්සන වෙරලක් අපිට හිමි වෙලා තියෙනවා...
ඒ ලස්සනට ඒ පිවිතුරු කමට ආලය කරන්න..එවිට හැමදාම වගේ ඔයාගේ ඔයාට කියාගන්න බැරි හුඟක් කතා මුහුදත් එක්ක බෙදාගන්න පුළුවන්....

Tuesday, May 14, 2013

වෙනස….


අපි වෙනස වෙනසක් කියලා දකින්නේ ඇයි..අපි හැමෝම කැමති එකම විදියට ඉන්නෙ නැතුව වෙනසක් ඇති කරගන්න අපේ ජීවිත වල..සරල ජීවිතය ගොඩක් සුන්දරයි කියලා සමහර අය තර්ක කරන ගමන් තව සමහරු සංකීර්ණ වෙන තරමට ජීවිතේ අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් කියලා කියනවා..මත දෙකක් තමයි නමුත් එක එක්කෙනා ජීවිතය දකින විදිහ නිසා මේ අය අතර වෙනස් කම් ඇති වෙනවා..සරලව කියනවනම් දෙගොල්ලොම ජීවිතය විඳිනවා , දකිනවා නමුත් දකින විදිහ , විඳින විදිහ වෙනස් කරගෙන…
ලෝකය හැමදාම එකම විදිහට පවතින්නෙ නෑ.., උස් පහත් මට්ටම් වල සමාජතර වල වෙනස් වීම් දකින්න ලැබෙනවා..තව කියනවානම් ස්භාවධර්මයෙත් වෙනස් වීම් වෙනවා..අපි ඒ දේවල් අත්විඳලත් තියෙනවා නේද....
ඔයා හොයන වෙනස මොනවගේද කියලා දන්නේ ඔයා විතරයි..ඒක තීරණය කරන්න  ඕනෙත් ඔයාමයි..වෙන අය කියු පලියට ජීවිතේ ගැන තීරණ ගන්න එපා..ඒක ඔයාට කවදාහරි ලොකු හානියක් වේවි...
පැහැදිලි මනසකින් වෙනසක් දකින්න..ඒ වෙනස ගැන ඔයාම තීරණය කරන්න..
ඒ ඔයා දැක්ක වෙනසින් යහපතක් වෙන්න කියලා අපි පතනවා..වෙනස් වෙන්න උත්සහ කරන්න.. 
මනස නිරවුල්ව වෙනස දකින්න , ඔයාටම තේරෙවි වෙනස් වන එකම දෙය වෙනස විතරක්ම කියලා......

Friday, May 3, 2013

වැස්ස...



හැම තැනම ගොඩක් හයියෙන් වහිනවා..අපි වැස්සට ගොඩක් ආසයි නේද...ඇඟට පුදුම සිසිලසක් ලැබෙනවා..ඒත් ඉතින් එක දිගටම මේ වගේ වහින කොටත් එපා වෙනවා නේද...දැන් ඉතින් වස්සාන කාලය තමයි...මේ වගේ වෙලාවක ඔයත් එක්ක තුරුළු වෙලා ඉන්න තියෙනවා නම් කියලා අනන්තවත් පෙම්වතුන් මුමුණනවා ඇති..
වැස්සත් එක්ක මොකක්දෝ ලොකු බැඳිමක් තියෙනවා නේද..ඒක හරියට ඔයත් එක්ක හිටිය සුන්දර කාලවල් මතක් කරලා දෙනවා වගේ හැඟීමක්..
කොතරම් පෙම්වතුන් වහින දවස් වල කුඬේ යටින් තුරුළුවෙලා ගිහින් ඇතිද... ?ඒ වගේම ඒ සම්බන්දතා කොතරම් දුරට තාම තියෙනවද කියලා කල්පනා කරාද...?එදා ඔයත් එක්ක තුරුළුවෙලා කුඬේ යටින් ගිය අය අද වෙන අයත් එක්ක යනවා..ජීවිතේ කොතරම් වෙනස්ද නේද...ඔයා වෙනුවෙන් මං පතන් ආවා කියලා අතරමගදිම ඔයාව දාලා ගිහිල්ලා..නමුත් වැස්ස මේ කිසිම දෙයක් දන්නෑ...ඔයාට එදා කුඩෙන් තුරුළුවෙලා යන්න උදව් කරා වගේම අද ඔහුටත් උදව් කරනවා....
මේ වගේ අපුරු දෙයක් තමයි සොබාදහම අපිට දීලා තියෙන්නේ...වැස්සට අපි පොඩිකාලේ ඉදන් ගොඩක් ආදරෙයි..ඔයා කොලයක් අරගෙන මුලින්ම කර අත්වැඬේ  පුංචිම පුංචි බෝට්ටුවක් හදපු එක නේද...ගේ ඉස්සරහට වෙලා වැස්ස ගැන ගානක් නැතුව බොට්ටු පා කරා ඔයාට මතකද...?
වැස්ස අපේ ජීවිතෙත් එක්ක ගොඩක් බැදිලා තියෙන සම්පතක්..ඒක නිසා වැස්ස වැඩී කියලනම් බනින්න එපා....

Wednesday, May 1, 2013

මැයි 1 වෙනිදා....



“1973 මැයි 1 වෙනිදා එන්ගලන්තයේ මිලියන 1.6ක් පමණ කම්කරුවන් පිරිසක් එකතුවෙලා පටන් ගත්ත එක් දින වැඩ වැරීමේ සිදුවීමෙන් දහස් ගනන් කම්කරුවන් ජාතියට අහිමි විය.එවකට සිටි බි‍්‍රතාන්‍ය ආණුඩුව විසින් වැඩ වැරිමේ සහ පෙල පාලි වලට සහභාගි වු කම්කරුවන් විශාල පිරිසක් සමුල ඝාතනය කරන ලදී..තවද ඇතැම් පිරිස්  අත්අඩන්ගුවට ගන්නා ලද අතර එයින් කොටසක්  එල්ලා මරණ ලදී...
මෙම එක් දින වැඩ වැරීමේ ක‍්‍රියාවලිය හේතුවෙන් එරට තුල දුම්රිය,කර්මාන්තශාලාවන් වල විශාල වශයෙන් කාර්යයන් අතරමග නවතා දැමූ අතර එමගින් සිදුවු පාඩුව සුළුපටු නොවේ..
ඔවුන් සිහිකර අද සමරන මැයි දිනය කොතරම් දුරට ලේ දහදිය වැගිරු ඔවුන්ට සාධාරණයක් ඉටු කරයිද?..ධනේශවර පන්ති වල අතකොලු වෙලා ඔවුන්ගේ පීඩන වලට ලක්වෙලා අපි සමරන මැයි දිනයේ තේරුමක් ඇතිද?..එක එක දේශපාලන රූකඩ වල බළල් අත් වෙලා යන්නන් වාලේ පෙලපාලි යන ඇතැම් අය අද දවසේ වැදගත්කමවත් හෝ එහි ඉතිහාසයවත් දන්නේද යන්න සැකයක්ව පවතී..ලිප්ටන් වට රවුමට එකතුවෙලා ඔබ කෑගහන්නේ බත් පැකැට්ටුවටයි රුපියල් 500ටයි කියලා හිතලා බැලුවද...පවතින සමාජ රටාවට මුදල් වැදගත් වනවා.., නමුත් තමන්ට කියලා අභිමානයක් හිත තුල තියෙනවා..තමන් නිකන් ඉදලා කනවා බොනවා නෙමෙයි..තමන් ලබාදෙන ශ‍්‍රමයටයි මුදල් ලැබෙන්නේ..අද රටවල් තුල සමාජවාදයක් නෑ.., ඒවායේ බෝඩ් විතරයි තියෙන්නේ එම බෝඩ් පිටුපස සිටින්නේ ධනේශවර අතකොලු...නුවණින් කල්පනා කරන්න ඔයත් සමාජයට සේවයක් කරනවා ඒ වෙනුවෙනුයි ඔයාට වැටුප් ලැබිය යුත්තේ..
අද තියෙන ආයතන වල කම්කරු සමිති කීයෙන් කීයද කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ..කම්කරු නායකයන් අයිතිකරුවන්ට ගොට්ට අල්ලනවා මිසක් කම්කරුවන් වෙනුවෙන් ඉන්නේ කවුද...
හිතලා බලන්න මැයි දිනය එක් දවසකට සීමා වෙන්න ඔනේ නෑ..ඔයාට තියෙනවා යන්ත‍්‍ර වලට, තාක්ශණයට නැති වටිනා සම්පතක්., ඒ ඔයාගේ වටිනා ශ‍්‍රමය..එයින් ප‍්‍රයෝජන ගන්න..ලොක්කන්ගේ කකුල් ලෙවකන්න ඔනේ නෑ..ගිරිය කඩාගෙන කෑගහලා දේශපාලුවන්ගේ නියාය පත‍්‍රවලට කොටුවෙලා පෙලපාලි ගියාට කම්කරු දිනයට වටිනාකමක් එක්වෙන්නෑ...
ක‍්‍රියාවෙන් , හැකියාවෙන් පෙන්වන්න..එයට ගෙවීමක් ලබා ගන්න, නොලැබුනොත් ඒ වෙනුවෙන් ඉල්ලීම් කරන්න.., ඉල්ලීම් දිනාගන්න.ඒ වෙනුවෙන් රණ්ඩු කරන්න ඕනේ නෑ... මොලේන් වැඩගන්න...
ඔබේ ශ‍්‍රමයට වටිනාකමක් ලබාදෙන්න.....

Friday, April 26, 2013

යාළුවා...


පි ගොඩක් තනියෙන් ඉන්න වෙලාවට හොදම හොද යාළුවෙක් හිටියනම් කියලා හිතෙනවා නේද..?එතකොට අපේ හිතේ තියෙන ප‍්‍රශ්න වලින් කොටසක් හරි කියලා හිත සැහැල්ලු කරගන්න තිබුනා.කොහොමද හොද යාළුවෙක් තෝරගන්නේ...හිතලා බලන්න...

එයා මගේ සතුටෙදි ගොඩක් මගේ ලඟ ඉන්නවා..ඒයා මං කියන හැමදේම හොදයි කියලා පිලිගන්නවා..අන්න ඒයා තමයි මගේ හොදම යාළුවා කියලා හිතන කී දෙනෙක් අද සමාජයේ ඉන්නවාද...?යාළුවේ ඔයාට වැරදිලා..යාළුවෙක් කියන්නේ අපිට සතුටෙදි විතරක් ලඟ ඉන්න ඕනේ අය නෙමෙයි..අපිට කරදරයක් උනාමත් අපිට හයියක් වෙලා අපිට වැරදුන තැන් පෙන්නලා දෙන්න පුළුවන් කෙනෙකුටයි..
නුතන සමාජ රටාවට බද්ද වෙච්ච තාරුණ්‍යක හොදම හොද යාළුවෙක් හොයාගන්න බැරි තරම්...මොකද පවතින සමාජ රටාවේ හැමෝම රේස් දුවනවා..ඒ අය අතරේ මොහොතකට හරි නැවතිලා ඔයා ගැන හොයලා බලන කෙනෙක් ඉන්නවානම් ගොඩක් වටිනවා.මුලින්ම තමන්ගේ දෙමව්පියෝ හොද යාළුවෝ කරගන්න, ඊටපස්සේ සමාජයෙන් තමන්ට ගැලපෙන යාළුවෙක් තොරගන්න..නමුත් ඔයා තෝරගන්න යාළුවා වැරදි කෙනෙක් නම් ඔයාගේ මුළු ජීවිතේම විනාශ වෙයි..යාළුකමට ලිංගබේදයක් නෑ..
ඔයාට හොද යාළුවෙක් ඕනේ...,,මොන ප‍්‍රශ්න ආවත් ඔයාව අත් නොහරින කෙනෙක්... එයාව හොදට හිතලා බලලා තෝරගන්න...
හොද යාළුවෙක් හමුවෙන්න කියලා සිතුවිල්ලෙන් ප‍්‍රාර්ථනා කරනවා......

Thursday, April 18, 2013

පුංචි කාලේ...




ඉර හවසට බැහැගෙන යනකොට කොච්චර සුන්දරද...ඒ ලස්සන දකින්න අපි පොඩි කාලේ ඉදන් ගොඩක් ආසකරනවා.ඒ වගේ තමයි පොඩි කාලේ අපි ගොඩක් ආස දෙවල් දැන් මතක් වෙද්දි පුංච් සතුටක් තියෙනවා වගේම පොඩි දුකකුත් තියෙනවා...සතුට තමයි අපිට සුන්දර පුංචි කාලයක් තිබුනයි කියලා හිතන ගමන් දුක් වෙන්නේ ඒ සෙල්ලක්කාර ළමා විය අපෙන් ඈත් වෙලා කියන එකයි.
සමහර දේවල් තියෙනවා අපිට වෙනස් කරන්න බෑ..හරියට අපි වයසට යනවා වගේ...අපි දන්න පුංචි කාලෙට වඩා දැන් ළමයිගේ පුංච් කාලය වෙනස් උනත් ඒ අයත් ඒක විඳිනවා..සමාජයෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා..හොද හෝ නරක..වයසත් එක්ක ඒ දෙවල් අපිට හොදින් තේරුම් ගන්න පුළුවන් වෙනවා..
දැන් වයසයි කියලා ඔයා දුක්වෙන්න එපා.කවදහරි දවසක් ඒවී ඔයා විඳපු දේවල්, ඔයා පුංචි කාලේ කල දේවල් මතක් කරන්න.මතක් කරලා ඔයාගේම පුතාටයි දුවටයි කියන්න ඒ අයත් එක්ක ඔයාගේ පුංචි කාලය බෙදාගන්න...එතකොට ඔයාටම තේරෙයි ඔයාගේ පුංචි කාලය කොච්චර සුන්දරද කියලා.......

විශ්වාසය...



ඔයා මගේ කියලා හැගෙන්නේ ඔයා ගැන මගේ හිතේ හැඟීමක් තියෙන නිසා.ඒ හැඟීම තමයි ඔයයි මායි අතර විශ්වාසයේ පාළම තනන්නේ..විශ්වාසය තමයි  ඕනෙම බැඳීමක පදනම.කවදාවත් ඒ පදනම නැතිකරගන්න එපා..
එකිනෙකා අතර විශ්වාසය ගොඩනැගෙන්නේ ඒ අය කරන කියන දේවල් අනුව.

ඔයා මට කොතරම් ආදරය කරත් එක් මොහොතකදි ඔයා මගේ විශ්වාසය කඩ කරොත් ඒ වේදනාව,සැකය සදාකාලිකව මගේ හදවතේ පැල පදියම් වෙනවා නිසැකයි..අපි අතර බැඳීම සමාජ වටපිටාවෙන් ඔබ්බට ගිය බැඳීමක් කියලා අපි දෙන්නම තේරුම් ගත යුතුයි.ඔයා මට පණ වගේ ආදරේ තමයි,මම ඒක හොදාකාරවම දන්නවා..ඒක නිසා ඔයාගෙයි මගේයි අතර තියෙන විශ්වාසයට නැවතීමේ තිත අවශ්‍ය වෙන්නෑ..නැත්තන් ඒ ආදරයම අපිට වෛරයක් වෙයි..
ආදරයේදී කරන කැප කිරීම් බොහොයි.මොහොතක් කල්පනා කරානම් කැප කරන මට්ටමින්ම මං ඔයාගේ විශ්වාසයත් රකිනවා කියලා.., එහෙනම් අපේ ආදරය රෝමියෝ ජුලියට් පේ‍්‍රම අන්දරයට වඩා ගොඩක් වටීවි,වටිනාකමක් තියෙවි...
"ආදරය කරන්න විශ්වාසය හදවතින්ම ඉටු කරගෙන..එතකොට දික්කසාද පත්තර  ඕනැ වෙන්නෑ අපේ ජීවිත වලට...."

Tuesday, April 16, 2013

ආදරය....



"නුඹ දුන්නු දුක් ගින්දර තාමත් මගේ හදවතේ රත්තරන්...අපි අපෙන් වෙන් උනාට මං තාමත් ආදරේ ඔයාට විතරමයි රත්තරන්...."
මෙහෙම කියන පෙම්වතුන් සමාජයේ කොතරම් නම් ඉන්නවද..ආදරය නිසා තමන් තමන්ටම බොරුකාරයෙක් කරගෙන.ආදරය කියන්නේ එක මොහොතකින් තේරුම කියලා ඉවරකරන්න පුළුවන් දෙයක් නෙමෙයි.ලෝකයේ ඉන්න හැම සත්වයාම ආදරය ලබන්න ගොඩක් ආසයි.ඒ වගේම ආදරය කරන්නත් ආසයි.ආදරය සමාජ පන්ති වෙනස් උනයි කියලා වෙනස් වෙන්නෑ අඩු වැඩියෙන් හරි ආදරය තියෙනවා.ආදරයට පාටක්,ගඳක්, සුවඳක්, රහක් ,කලාවක් නෑ.නමුත් ආදරය කරන්න ඉගෙන ගන්නවා නම් ඒ පුද්ගලයා  තුල කලාකරුවෙකු ජීවත් වෙනවා. මෙහෙම පිවිතුරුයි කියලා කියන ආදරේ නැති කරගන්න එපා..
දෙමව්පියන් අපිට ආදරය කරනවා,නෑදැයෝ අපිට ආදරය කරනවා,යාළුවො ආදරය කරනවා,තව කියනවානම් සතා සිවුපාවා උනත් ආදරය කරනවා.ඒ ආදරය වෙන් වෙන් වශයෙන් අපි තේරුම් ගන්න ඕනේ.

දෙදෙනෙකු එකතු වෙලා හදන පුංචිම පුංචි මාලිගාවෙ ආරම්භය ඇති වෙන්නේ ආදරයෙන්.ආදරයේ බැදීම ශක්තිමත් වෙන්න වෙන්න දෙදෙනාගේ ජීවිත ගොඩක් යහපත් වෙනවා.ඒක නිසා ආදරය වචන වලට සීමා කරන්න එපා.ආදරය කරන්න ඔයා ලගින්ම ඉන්න  ඕනෙනෑ.හදවතේ ආදරය තියාගන්න.ඔයා කවදහරි දවසක වෙන් වුනත් ඒ ආදරය තියෙවි...ආදරයක් නැත්තම් ලොකේ මෙහෙම පවතින්නෙ නෑ..
මුලින් තමන් තමන්ට ආදරය කරන්න.ඒක විඳින්න..ඒතකොට අනිත් අයගේ ආදරය ගැන හොදින් ඔයා තේරුම් ගනීවි...
අපිට ආදරය අවශ්‍යමයි..ආදරය විඳින්න..ඒ ආදරයට ආදරය කරන්න...එවිට ඔයා ජීවත් වෙනවා කියලා සිතේවී...

සිතුවිල්ල...



සංසාර තරණයේ එක් මොහොතක සිතුවිලි ගොන්නක් එක් වි බැඳුනු අරුමය සිතුවිල්ලයි.....